පොලිස් රිය වරාය සේවක කකුල උඩින් යයි


හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ  සේවක උද්ඝෝෂණයක් පවත්වද්දී අද (19) උදේ හම්බන්තොට පොලිසියේ ජිප් රියක් සේවකයකුගේ කකුලක් යටකරගෙන ගියැයි කියන සිද්ධියකින් පසු ගල් මුල් වැදී ජිප් රියට අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.

කකුල තුවාල වූ සේවකයා රෝහල් ගත කරනු ලැබ සිටියි.

වරායේ සිදුවෙතියි කියන සොරකම් මැඩීම සඳහා සේවකයන්ගේ පෞද්ගලික බෑග් ඇතුළට ගෙන යෑම තහනම් කිරීමට එරෙහිව මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.