කැළනිය පෙතියාගොඩ කන්ටේනර් අංගනයක තිබී පරණ යකඩ ලෙස විකුණූ පලතුරු බැරල් 195ක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැලසිය පොලිසියේ නොවිසදුණු අපරාධ අංශය හා කැළනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. 2011 දී හා 2012 දී කල් ඉකුත්වූ මෙම පළතුරු බැරල් අතර පේර, ස්ට්‍රෝබෙරි ආදී යුෂ අඩංගු වී තිබිණි. අයිතිකරු කියා ඇත්තේ මේ බැරල් පිටරටින් ආනයන කළ පුද්ගලයා කියා ඇත්තේ යකඩවලට ගැනිම සඳහා බැරල් විකුණූ බවයි. ඔහුගෙන් එම යකඩ මිලට ගත් පුද්ගලයන් බැරලය රුපියල් 3000.00 ගණනා මුදලාලි වෙසින් ගිය පොලිසියට විකුණන්නට යද්දී අත්අඩංගුවට ගෙන ඇත.

