හෙරොයින් විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රදවා තබා සිටි සැකකරුවකුට මත් කුඩු අඩංගු එළවළු රොටියක් ලබා දීමට උත්සාහ කළ බව කියන කතක (45) සැකපිට අත්අඩංගුවට ගත් බව ගනේමුල්ල පොලිසිය කියයි.
සැකකරුට රාත්‍රී ආහාර ලබා දී තිබියදීත් අවේලාවේ කෑම රැගෙන ඒම ගැන සැක සිතී පරීක්ෂා කරද්දී මත්කුඩු සොයාගෙන ඇත.

