පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව කොමිසමට පැමිණිල්ලක්


කොටදෙනියාව සේයා දරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගින් මුදා හරින ලද දුනේෂ් ප්‍රියශාන්තට නීතිමය සේවය සැපයීම නොකළ යුතු ක්‍රියාවක් බව පැවැසීම තම වෘත්තීය වරප්‍රසාද අභියෝගයට ලක් කිරීමක් බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර එම තනතුරින් ඉවත් කර පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥවරු පිරිසක් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළහ.

‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ පොලිසියේ තෝල්කයා. ඔහුට හිතට එන එන ඒවා නිකන් ඔහේ මාධ්‍යයට කියන්න අයිතියක් නැහැ. ඔහුට කියන්න වෙන්නේ පොලිසිය වෙනුවෙන් විතරයි. ‘

RDS_3715 RDS_3728