පොලිස් බල්ලා ගියේ වලල්ලාවිට ප්‍රා මන්ත්‍රී ගෙදරකට: බුලත්සිංහල මන්ත්‍රී ගෙදරකට නොවේ


වැලිපැන්න  ගලතර කොන්ත්‍රාත් සමාගමක මුරකරුවන් බැඳ දමා  කොල්ලයක් සිදු කළැයි   කියන සිද්ධියට  බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු හෝ එම සභාවේ කිසිවකුගේ  සම්බන්ධයක් නැත.

මුඟුරක ඉව ඔස්සේ පොලිස් සුනඛ ග්‍රේරෝ වලල්ලාවිට ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුගේ නිවසට ගිය බවත් ඒ අනුව පොලීසිය ඔහුගේ සහෝදරයකු හා එම සමාගමේ ආරක්ෂකයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.