අතුරුගිරිය ජෝති මාවතේ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් පසු නිවාස දෙකකට හා ත්‍රීරෝද රථ පහකට හානි සිදු කළ බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බත්තරමුල්ලේ ආගමික නායකයින් පිරිසක් නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයක මුලුතැන් ගෙයි තුළ ආහාර පිසිමින් සිටි අරක්කැමියෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව බව තලංගම පොලිසිය කියයි.
දිඹුලාගල පිඹුරත්තෑව ගම්මානයේ වල් අලි ප්‍රහාරයකින් මවක (70) මිය ගිය බව අරලගන්විල පොලිසිය කියයි.
මිහින්තලේ සංචාරයක යෙදී සිටිය දි ප‍්‍රංශ ජාතික ප්‍රින්ස් ක්‍රිස්ටීන් (59) මියගිය බව මිහින්තලේ පොලිසිය කියයි.
යාපනයේ සිට මඩු දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් ගත් පුද්ගලයෙකු කේරල ගංජා කිලෝ 2.5 ක් සමග අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.කිලිනොච්චි දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීහු වැටලීම සිදුකළ බවද කියයි.
මීගමුව -කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් මාර්ග සංඥා කුළුනක හැපීමෙන් යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.



