අංගොඩ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීමේදී හමුවූ පැරණි අත්බෝම්බයක් යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කළ බව පොලිසිය පවසයි.
අනුරාධපුර විජයපුර නිවසක් පිටුපස මුදල් ඔට්ටුවට බුරු ගැසු පුද්ගලයන් හත් දෙනකු රුපියල් තිස්පන්දහසක ඔට්ටු මුදල් සමග අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
ගලේවෙල පුවක්පිටියේදී බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී ත්‍රීරෝද රථ රියදුරු මියගොස් තරුණියක බරපතල තුවාල ලබා ඇති බව ගලේවෙල පොලිසිය කියයි .
කටුනායක මඩවලදී යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයකු (40) මරා දැමීයැයි සැකපිට එම ප්‍රදේශයේම පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.