පොලිස් පොතේ මෙහෙම ඇතේ


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී 56 වර්ගයට අයත් උණ්ඩ තුනක් සමග සැකකරුවකු වීරකැටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


කේරළ ගංජා කිලෝ 1ග්‍රෑම් 700 ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය පවසයි.


මහනුවර - මහියංගණ මාර්ගයේ තෙල්දෙණියේ දී ලොරියක් සහ යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු (23) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.


අනුරාධපුර නිරාවිය මුත්තුමාරි අම්මාන් කෝවිලට කඩු සහ පොලු රැගෙන ඇතුළු වී පුද්ගලයකුට පහර දුන් බව කියන පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

කෝවිලේ ආවතේවකරුවකුට පහරදී ප්‍රතිමාවකට ද හානි කර ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිකුණාමලය මුතූර් හි වෙඩි බෙහෙත් තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.


මොනරාගල සුදුවතුරආරේ ගින්නකින් අක්කර 55ක් පමණ පිළිස්සී ඇතැයි පොලිසිය කියයි.