හෙරොයින් කුඩු ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 190ක් සමග කාන්තාවක් බොරැල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රජයේ ඇමැතිවරයකු මගින් රැකියා ලබාදෙන බව කියමින් රුපියල් එක් ලක්ෂ පනස්දහසක් වංචා කළැයි අනුරාධපුර තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තම දරු දෙදෙනා සමඟ ගුරුවරියන් පඳවා ගෙන ආ මෝටර් රථයක් බණ්ඩාරගම ගම්මන්පිල දී මාර්ගයෙන් ඉවතට පැන ගොස් ගේට්ටුවක හා තාප්පයක ගැටී තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ආරක්ෂක බඳ පටි නොදමා පැමිණිම හේතුවෙන් අනතුර සිදු වී ඇත.
අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුකළැයි කියන ඝාතන සහ වෙඩිතැබීම් රැසකට සම්බන්ධ බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
රත්මලාන දුම්රියපොළ ආසන්නයේ දී කේරළ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 250ක් සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය පවසයි.

![20161005_173108[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161005_1731081.png)
![20161005_174010[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161005_1740101.png)
![20161005_174235[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161005_1742351.png)
