පොලිස් පොතේ මෙහෙම ඇතේ


ගංජා කිලෝ 100ක් කෙසෙල් කැන් අතර සඟවා ප්‍රවාහනය කළ වෑන් රථයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වව්නියා පොලිසිය පවසයි.


කටුගස්තොට උඩුවාවල නිවසක මෙට්ටයකට ගිනි ඇවිලීමෙන් වයෝවෘද්ධ කාන්තාවක (78) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.


කඩුවෙල කොතලාවල පාසලක් අසලදී පාසල් දැරියන්ට  නිරුවත පෙන් වු පුද්ගලයකු දෙමාපියන් එක්ව පොලිසියට බාර දුන්නේය.

පොලිස් ජිප් රියෙන් ඔහුව රැගෙන යද්දී මාර්ග සංඥා අසල දී  ජිප් රිය නැවැත් වු පසුව එම පුද්ගලයා බැස ගිය බව පාරේ සිටි පුද්ගලයකු පොලිසියට පැවසුවේය. පොලිස් සැරයන් හා අදාල සාජන්වරයාගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ පොලිසිය පවසයි.


වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් ගැන විශ්‍රාමික නියෝජ්‍ය  පොලිස්පති  රංජිත් පෙරේරා මහතාගෙන් විශේෂ විමර්ශන ඒකකය අද (4) ප්‍රකාශයක් ලබාගත්තේය.