රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකපිට කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවකුට මත්කුඩු ගෙන ආ බව කියන ඔහුගේ බිරිය මත්කුඩු මිලි ග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කඩුගන්නාව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු පිළිමතලාව ගඩලාදෙණිය හංදියේ රථවාහන හසුරවමින් සිටියදි වැන් රථයකින් හප්පා වැන් රථය මග දමා එහි රියදුරු පළාගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.
මෙරට නිෂ්පාදිත බොර් 12 ගිනි අවි දෙකක් සමග බදුරලිය හීනටිවත්තේදී සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ බව කියන සිගරට් 18000ක් සමග සැකකරුවන් දෙදෙනකු වෑන් රථයක් ද සමග අත්අඩංගුවට ගත් බව කළුතර පොලිසිය කියයි.
මැදවච්චිය පූනෑව නිවසක් අසළ පස් ගොඩකින් අත්බෝම්බයක් සොයාගත් බව මැදවච්චිය පොලිසිය කියයි.