රුපියල් 5000 හොර නෝට්ටු දෙකක් ළඟ තබාගත් ව්‍යාපාරිකයකු කහටගස්දිගිලියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කල්පිටිය ඊච්චන්කාඩුව ධීවර ගම්මානයේ කළ වැටලීමකින්,කේරළ ගංජා කිලෝ7 ග්‍රෑම් 40ක් සමග සැකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
පේරාදෙණිය දොඩම්වල නාථ දේවාලයේ පින් කැටය බිඳ මුදල් සොරකම් කරගෙන ගොස් ඇතැයි එහි ප්‍රධාන කපුවා පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණි පොලිසිය පවසයි.

