කොක්කොඩිචෝල් කරච්චල් කලපු තීරයේ දර කැඩීමට ගිය කාන්තාවක කිඹුල් ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය පවසයි.
කිඹුලාගේ ග්‍රහණයට හසුව සිටි මෙම කාන්තාව ධීවරයන් දෙදෙනෙකු විසින් බේරා ගත් නමුත් ඒ වන විට ඇය මිය ගොස් සිටි බව ද කියයි.
වවුනියාව තෝනික්කල්හී පරණ යකඩ බඩු කඩයක විදුලි උකරණයක් තුළ තිබී අත් බොම්බයක් හමුවූ බව පොලිසිය කියයි.
වීරකැටිය -තංගල්ල මාර්ගයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී යතුරුපැදි දෙකක් ගැටී එක් අයෙකු මිය ගියි බව තංගල්ල පොලිසිය කියයි.
රුවන්වැල්ල මාහල්ලේ යකුම්ගල ගල් පර්වතයේ නිධන් හාරමින් සිටි බව කියන කාන්තාවක(53) ඇතුළු දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව රුවන්වැල්ල පොලිසිය කියයි.
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් කන්දකැටියේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගියත් අනතුරෙන් රියදුරුට කිසිදු තුවාලයක් සිදුව නැතැයි පොලිසිය කියයි.අධික වේගය සහ රියදුරුට නින්දයාම අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
තඹුත්තේගම මුසල්පිටිය රක්ෂිත ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.
කම්කරු දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත කම්කරු නිලධාරියෙකු ලෙස පෙනි සිටිමින් කර්මාන්ත ශාලා සහ ව්‍යාපාරික ස්ථාන වලින් අල්ලස් ලබාගත් පුද්ගලයෙකු(43) අත්අඩංගුවට ගත්බව තලාව පොලිසිය කියයි.


