පොලිස් පොතෙන්


ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ තිහස් සමග ගණේමුල්ල හොරගොල්ලෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික සෙබළෙකු සහ හිටපු නාවික සෙබෙළකු දින හයක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද ගණේපුල්ල පොලිසියට අවසර දුන්නේය.

මීරිගම මුද්දරගම අවුරුදු 72ක කාන්තාවක පිහියෙන් ඇණ මරා දැමීයැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.

බම්බලපිටිය දුම්රියපොළ අසළ නිවාස කිහිපයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.