බීමත්ව සිටි බව කියන පිරිසක් අතර සිටි අයකු බෝතල් කටුවකින් කිලිනොච්චි රෝහල අසලදී පොලිස් සැරයන්වරයකුට ඇන තුවාල කර ඇතැයි පොලිසිය පවසයි.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පලකරමින් යාපනය නුවර ඒ 09 මාර්ගය අවහිර කොට කිලිනොච්චිය රෝහල අසලදී අද(25) සවස ටයර් පුළුස්සා පොලිසිය වෙත විරෝධය පළ කිරීමට පිරිසක් කටයුතු කර ඇත. එහි ගිනි ගන්නා ටයර් පොලිසිය මැදිහත්ව නිවාදැමීමට කටයුතු කළ පොලිසියට මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයි කියති.