පොලිස් පොතෙන්


අගුනුකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ දී අද රාත්‍රී (13) 7.30 පමණ පෞද්ගලික බසයක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගමන් ගත් තරුණයකු (20) මියගොස් තවත් අයකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.

අගුනුකොලපැලැස්ස පොලිසිය  බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්තේය.


රක්වාන දිවි නැගුම ප්‍රජාමූල බැංකුව ඉදිරිපිට ට්‍රාන්ස්ෆෝමරය අලුත්වැඩියා කරමින් සිටි කම්කරුවකු විදුලි සැර වැදී මිය ගිය බව පොලිසිය පවසයි.


පොළොන්නරුව කාලිංග ඇළ දී පාපැදියකින් ගමන් කළ අයකු වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය කියයි.


ඇල්ල දෙමෝදරදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 400ක් සමග තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.


පොලිස් විශේෂ කාර්ය බළකාය රත්නපුර ගොඩිගමුව හා කහංගම කොස්ගල කළ වැටලීමකදී වල්ලපට්ට කිලෝ 370ක් සමග සකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.