බෙල්ලන්විල මයුරපාරේ පසුපසට ධාවනය කල වෑන් රියක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 90ක වැඩිහිටියෙකු කොළඹ ජාතික රෝහලේ ප්රථිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය කියයි.
බුත්තල පැලවත්තේ වල් අලියෙකු පහර දීමෙන් අද අලුයම ගැමියෙකු මියගිය බව පොලිසිය කියයි
හම්බන්තොට කටුවැව හංදිය අසලදී මී ගවයින් දෙදෙනකු කුඩා ලොරියක හැපීමෙන් ගව දෙනක් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ද අනෙක් මී ගවදෙන තුවාල ලැබී යැයි ද පොලිසිය පවසයි.
අනුරාධපුර බන්ධනාගාරයේ කොටි ත්රස්තවාදි සැකකරුවන් විසි දෙනෙකු සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා ඇරැඹූ ආහාර වර්ජනය අද (22) දෙවැනි දිනටත් ක්රියාත්මක විය.
උඩුදුම්බර හපුදණ්ඩාවේ අලියකු විදුලි සැර වැදී මියගිය බව පොලිසිය කියයි.