මාසයකට රුපියල් ලක්ෂයක් ගෙවා මහරගම පිළියන්දල පාරෙන් කුලියට ගත් බව කියන නිවසක සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ පොලිසිය අවුරුදු 22-36 අතර තරුණියන් පස් දෙනකු හා එහි කළමනාකරු සැකපිට අත්අඩංගුවට ගත් බව කියයි.
පැය බාගයකට රුපියල් 2500ක ගාස්තුවක් සම්බාහනය සඳහා අය කරන බවත්, සම්බාහනයට වැඩි දෙයක් සිදුවී ඇති බවටත් ලැබුණු පැමිණිලි ගැන සොයා බලන බව ද පොලිසිය පවසයි.
අනුරාධපුර දහයියාගම බස් නැවතුපළ අසලදී විකිණිමට සුදානම් කොට තිබු රුපියල් දෙලක්ෂ පනස්දහසක් වටිනා කේරළ ගංජා කිලෝ දෙකක් සමඟ සැකකරුවකු අද (23) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
අනුරාධපුර මල්වතු ඔයේ පාළම යට තිබියදි පුද්ගලයකුගේ (60) මළ සිරුරක් අද (23) සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.