අම්මලා දූලා ඇතුළු පිරිසක් නෙඵව බූරු පොළකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කොටුව දුම්රියපොළ අසල කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 200ක් සමග වව්නියාවේ සිට දුම්රියෙන් ආ අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාලිගාවත්ත හා වැලිකඩ දී හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 480ක් සහ හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 800ක් ළඟ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් ගංජා කිලෝ 2 ග්‍රෑම් 600ක් ප්‍රවාහනය කරමින් සිටි ආබාධිත අඹුසැමි යුවළක් ඇතුළු සිව් දෙනෙක් මැදවච්චිය පොලිසියෙන් මිදී පලායමින් සිටියදී මහකිරිමැටියාව නිවසකදී අත්අඩංගුවට ගත් ව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
තණමල් විල දී වල් අලි ප්‍රහාරයකින් ළමයකු මිය යාමෙන් පසුව අලි වැටක් ඉල්ලා ප්‍රදේශවාසිහු පාරට බැස උද්ඝෝෂණයක් අැරඹුහ.