වවුනියාව කල්ලිකුලම රක්ෂිතයේ ගෝනකු මරා මස් කිලෝ 85 ක් රැගෙන යමින් සිටි බව කියන තිදෙනෙක් වවුනියාව කල්ලිකුලමේ දී වවුනියාව පොලිස් විශේෂ කාර්යය බළකාය අත්අඩංගුවට ගනු ලැබුහ.
රාජාංගනය යාය හය ප්‍රදේශයේ දී විදුලි කණුවක් යට වළ දමා තිබු අත් බෝම්බ හයක් සොයා ගත් බව රාජාංගනය පොලිසිය කියයි.
ගලෙන්බිදුණුවැව, යකල්ල, මාන්කට්ටිය, මහසෙන්පුර වල් අලි තර්ජන මාස දෙකක සිට උග්‍ර වී ඇතැයි ගැමියෝ කියති.
අලි පනහක් හැටක් පමණ හුරුළු වැව රක්ෂිතයේ සැරි සරති.
කේරල ගංජා තොගයක් සමඟ තරුණයන් ෙදෙදෙනකු කාත්තාන්කුඩියේ දී අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තු මඩකලපුව,අම්පාර දිස්ත්‍රික් අධිකාරි නඩරාජා සුසාදරන් මහතා පැවසීය.