පුත්තලම , කොළඹ මාර්ගයේ තිල්අඩියේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැනීමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පුත්තලම පොලීසිය කියයි.
මිගව පැටවුන් තිදෙනෙකු මරා මස් කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලිසිය කියයි.
විශ්‍රාමික ගුරුවරියක (76) මොරොන්තුඩුවේ දී වෑන් රියක හැපී මිය ගිය බවත් ජර්මන් සංචාරකයන් පිරිසක් ගමන් කළ බව කියන වෑන් රියේ කැමරාවල එම අනතුර සටහන් වල ඇති බවත් පොලිසිය පවසයි.
මහනුවර පන්විල මඩුල්කැලේ දී අද (11) බස් රථයක් අනතුරට පත් වී විසිපස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. තුවාලකරුවන් අතර පාසල් සිසුවන් දෙදෙනෙකු ද එහි වෙති.
ලියාපදිංචි අපරාධකරුවකු (අයිආර්සී) හෙරොයින් මිලිග්‍රෑම් 70 ක් සමග වෙරළුගොල්ලේදි අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
දිනපතා මීගමුවෙන් මාළු රැගෙන රත්නපුට රැගෙන ගොස් අලෙවි කරන ව්‍යාපාරිකයන් දෙදෙනකුගේ රුපියල් 37000ක මුදලක් පැහැරගෙන යතුරුපැදියකින් පළා ගිය බව කියන සැකකරුවන් දෙදෙනකු පසුපස හඹා ගිය ලොරියක සිටි පිරිසක් ඔවුන් අල්ලා පොලිසියට බාරදුන් බව මීගමුව පොලිසිය කියයි.
ටයර් කම්හලකින් ත්‍රීරෝද රථ හා යතුරුපැදි ටයර් 300ක් පමණ හොරෙන් පිට කර විකිණීයැයි සැකපිට එම කම්හලේ යන්ත්‍ර ක්‍රියාකරුවන් දෙදෙනකු ද, යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ බටයකු ද, හිටපු නාවික සෙබළකුද අත්අඩංගුවට ගත් බව කළුතර දිසා මෙහෙයුම් ඒකකය කියයි.