පොලිස් පොතෙන්


පොළොන්නරුව වැලිකන්ද මුතුවැල්ලේ දී  කුඹුරු කෙටීමට ගිය ගොවියකු (50) වල් අලි ප්‍රහාරයකින්  මිය ගිය බව පොලිසිය කියයි.


අකුරැස්සේ කුරුදු තලන්නෙකු නිවසේ සිටියදී  වෙඩි තබා ඝාතනය කර  ඇතැයි පොලිසිය කියයි.


අනුරාධපුරයේ දී කේරල ගංජා  සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


උහන සිය නිවසේ සිට මධ්‍යම කඳවුර පොලිසිය රාජකාරි සඳහා පැමිණෙමින් සිටි පොලිස් සැරයන්වරයෙක් උදයපුරදී අද උදේ වල් අලි ප්‍රහාරයකට ලක්ව අම්පාර මහ රෝහලට ඇතුළු කරනු ලැබීය.

ඔහුගේ දකුණු පාදයට සහ දකුණු අතට තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.


රිය අනතුරකින් මියගිය බව කියන දැරියකගේ (6) සිරුරක් මැදවච්චිය වහමල්ගොල්ලෑව පොදු සුසාන භූමිය වළෙන් හොරෙන් ගොඩගත් බව කියන පිරිසක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය සැරෙයි.

නාදුනන පිරිසක් මිනිපෙට්ටියක් ගොඩට ගෙන ඇතැයි ගැමියකු කළ පැමිණිල්ලකින් පොලිසිය එහි ගියේය.