රුහුණේ සිට නැගෙනහිරට ගංජා ප්‍රවාහනය කළැයි කියන හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
ලුණුගම්වෙහෙර සිට කාත්තන්කුඩිය දක්වා ඔහු ගංජා බෙදා හරින බවත් අත්අඩංගුවට ගනිද්දී කිලෝ 16ක් ඔහු ළඟ තිබූ බවත් පොලිසිය පවසයි.
සූරියවැව ඇඹිලිපිටිය මාර්ගයේ වීරියගමදී අද (7) පෙරවරුවේ මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු (80) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගාල්ල,මහමෝදර වෙළෙඳසැලකින් භාණ්ඩ ලබාගෙන රුපියල් දෙදහසේ හොර නෝට්ටුවක් ලබාදී පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.
අනුරාධපුර - හුරුළුනිකවැව බසයක කොන්දොස්තරවරයකු (32) අනුරාධපුර බස් නැවතුම්පළේදී පාපුවරුවෙන් ඇද වැටී පිටුපසින් පැමිණි මෝටර් රියට යටවී බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.

