මිහින්තලාව මහකනදරාව රක්ෂිතයේ උළුක්කුලම විදුහල හා යාය එක ගැමුණු විදුහල අසල ඇතකු ගැවසෙතියි අද (29) එම පාසල් දෙකම වසා ඇතැයි උතුරු මැද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.ඩී.ඒ.මානෙල් මහත්මිය කියන්නීය.
මේ අතර ඥානික්කුලම රක්ෂිතයෙන් ඇත්දළ දෙකක් සොයාගත් බවද පොලිසිය පවසයි.
පන්නල හියවල කාන්තාවක් (20) ගෙල කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි. නිත්‍යනුකූලව විවාහ වී නොසිටි ඇයට දරුවකු ද සිටි බවත් දරුවාගේ පියා බව කියන තැනැත්තා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සොයන බවත් පොලිසිය පවසයි.
කොලින්ජාඩියේ නිවසකින් ටැබ් පරිගණකයක් හා රුපියල් විසිදහසක සොරාගත් බව කියන පුද්ගලයකු (20) සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ අංශය පවසයි.

