පොලිස් පොතෙන්


හෙරොයින් මිලිග‍්‍රෑම් 3100 ක් සමඟ සැකකරුවකු අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.


ඉඳුරුව මුහුදේ නාමින් සිටි ජර්මන් ජාතිකයකු ඈන් ජොවාවි ඩෙල්ලි (64) දියේ ගිලී මිය ගොස් ඇතැයි කොස්ගොඩ පොලිසිය කියයි.


දංකොටුව නගරයේදි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරාගෙන පළා යමින් සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි.     


මහනුවර නගරයේ තිබූ විශාල ප්‍රමාණයේ බෝ ගසක් මාර්ගයේ ගමන් කරමින් තිබූ කැබ් රියක් මතට කඩා වැටීමෙන් එම කැබ් රියේ ගමන් ගත් සිව් දෙනෙකු සහ මාර්ගයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු ද තුවාල ලැබු බව පොලිසිය කියයි.