මුලංකාවිල් කිරදිතීව් මුහුදේ තහනම් පන්න යොදාගනිමින් මසුන් මැරී යැයි අත්අඩංගුවට ගත් ධීවරයන් දෙදෙනකු නාවික හමුදාවට එරෙහිව කළ පැමිණිල්ලක සත්‍ය අසත්‍යතාවය සොයා බලන බව නාවික හමුදා ආරංචි කියයි.
ගාල්ල උෟරගස්මංහන්දියේ නිවසක මෙට්ටයක් යට තිබියදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාදම්පේ කිලෝ 20 මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බෝට්ටුවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලසිය කියයි.
බලංගොඩ උඩවෙල දී ඩිෆෙන්ඩරයක් හා ත්‍රිරෝද රියක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කළ අයකු මිය ගොස් වෛද්‍යවරියක හා කුඩා දැරියක තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

