පොලිස් පොතෙන්


  • අම්බලන්ගොඩ රන්දොඹේ දී යතුරුපැදියක් තාප්පයක ගැටීමෙන් පුද්ගලයකු (54) මියගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි.
  • ගිරාදුරුකෝට්ට බෙලගන්විල මාර්ගයේ බෝගම්පිටියේ දී යතුරුපැදියක් කඩයක් ඉදිරිපිට සිමෙන්ති බැම්මක වැදීමෙන් 29 හැවිරිදි ගුරුවරයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
  • තිස්සමහාරාම කොන්වැලෑනේ දී සිය නිවස අසළ කිරිදි ඔයේ දිය නාමින් සිටියදී කිඹුලකු විසින් ඩැහැගත් කාන්තාවකගේ (62) මළ සිරුර සොයාගත් බව පොලිසිය කියයි.
  • කතරගම සිට වැලි ප්‍රවාහනය කරන බවට බලපත්‍ර ලබාගෙන හම්බන්තොට මල් ආර රක්ෂිතයේ කුරුදාන වැවෙන් වැලිකපා ප්‍රවාහනය කිරිමට සූදාමින් සිටි ට්‍රැක්ටර් තුනක් අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.

  • මිනුවන්ගොඩ  බලබෝව කණිටු  විද්‍යාලයේ  තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්  විසිදෙනෙකු ආහාර  විස විමකින්  මිනුවන්ගොඩ  මහ රෝහලට  ඇතුළත්  කළ බව පොලිසිය කියයි.  SAM_5693[1] SAM_5695[1]
  • ජායාරූප - ටෝනි  කරුණානායක

  •