පොලිස් පොතෙන්


මීටියාගොඩ කිරළගහවෙල ප්‍රදේශයේ කුරුඳු  වාඩියක් කඩා රුපියල්  එක් ලක්ෂ හතලිස් අට දහසක් වටිනා කුරුදු මිටි පහක් සහ රුපියල එක්ලක්ෂ අට දහසක් වටිනා කුරුඳු තෙල් බෝතල්  46ක් සොරකම් කර ඇතැයි පැමිණිල්ලක් ලැබුණු බව මීටියාගොඩ පොලිසිය කියයි.


තලෙයිමන්නාරමට වයඹ දෙසින් ශ්‍රි  ලංකා  මුහුදේ දී  නිතිවිරෝධි මසුන්  මැරිමේ  නිරත වී  සිටි ඉන්දීය ධිවරයන්  දොළොස් දෙනෙකු බෝට්ටු දෙකක්  සමඟ ධිවර  අමාත්‍යාංශයට බාර  දුන්  බව ශ්‍රී ලංකා නාවික හමුදාව කියයි.

navy_12

ජායාරූපය රොමේෂ් මධුෂංඛ


මහනුවර කුරුණෑගල මාර්ගයේ යටිවාවල දී සිදුවු රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහනුවර කුරුණැගල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය ත්‍රීරෝද රියක ගැටී යතුරුපැදිකරු විසිවී ලොරියක් යටට වැටී ඔහු මීටර් තිහක් පමණ ඇදී ගොස් මෙම අනතුර  සිදුවී  ඇත.


බලපත්‍ර නොමැතිව හිංසාකාරි  ලෙස ගවයන්  28 දෙනෙකු  මඩකලපුවේ  සිට  මාතලේට  ලොරියකින්  ප්‍රවාහනය කරමින්  සිටියදී  දෙදෙනෙකු අත්අඩංගුවට  ගත් බව හබරණ පොලිසිය කියයි.