- මොරටුව කටුබැද්දේ දී කුඩා ලොරියක් හා කාරයක් ගැටීමෙන් පෙරළුණු ලොරියේ රියදුරා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගියේය.
- ගිරිබාව අලියාවැටුන වැව දී ගංජා කිලෝ 09 යි ග්‍රෑම් 800ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
- කුරුණෑගල මාස්පොත දී අද අළුයම යතුරුපැදියක් කාණුවකට වැටීමෙන් එය පදවාගෙන ආ තරුණයා මියගිය බව පොලිසිය කියයි.
- කොළඹ ග්‍රෑන්ඩ්පාස් මහවත්තේ දී හෙරොයින් ග්‍රම් 02 මිලි ග්‍රෑම් 160ක් සමග 36 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
- අම්බලන්තොට රිදියගම වැවේ තිබී මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. ජලාශයේ තිබී මියගිය තැනැත්තාගේ යැයි සැකකරන ජංගම දුරකථන දෙකක් හා ඇදුම් කිහිපයක් සොයාගනු ලැබ ඇත.
- මීරිගම නිවසක තිබී මියගිය පුද්ගලයකුගේ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. 65 හැවිරිදි එම තැනැත්තා නිවසේ තනිව ජීවත් වූ බව ගැමියෝ කියති.
- රත්තොට ගම්මඩුව මාර්ගයේ කොස්ගොල්ලේ බෝක්කුවක් අසළ තිබී අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය කියයි.
- කැලණිය ගෝනවල මගුරුවිල දෙමහල් නිවසක ඉහළ මහලේ පවත්වාගෙන ගිය කසිප්පු නිශ්පාදනාගාරයක් වටලා ගෝඩා බැරල් 20ක් හා මත්පැන් පෙරීමට ගන්නා උපකරණ රැසක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

