පොලිස් පොතෙන්


තන්තිරිමලේ සඳමල්එළියේ මිතුරන් සිවු දෙනකු අතර ඇතිවූ ගැටුමකින් එක් මිතුරකු පොලු පහරකින් මිය ගිය බවත් අනෙක් තිදෙනා සොයා ගැනීමට වෙහෙසෙන බවත් පොලිසිය කියයි.


ඉංගිරිය පොලිස් වසමේ හදපානාගොඩ ප්‍රදේශයේදී  තියුණු ආයුධ වලින් පහරදීමෙන් පුද්ගලයකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.පහරදීම් හේතුවෙන් මියගොස් ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර තවත් තිදෙනෙකු තුවල ලබා ඇති බවත් පොලිසිය පවසයි .


තලවාකැලේ ලිදුල ෆාමස්ටන් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් 9 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.


මන්නාරමේ ධනවතුන්ගේ නිවාසවලට පැන මුදල් හා රන්භාණ්ඩ සොරාගන්නා කොල්ල කල්ලියක හත් දෙනෙකු මන්නාරම එළුත්තූර්හිදී අත් අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය කියයි.


උඩරට  දුම්රිය මාර්ගයේ රොසැල්ල හා  හැටන්  අතර යුකැලිප්ටස්  ගසක් දුම්රිය ඒන්ජිමට  වැටී  අලාභ හානි  සිදු වී  බව එහි  අාරංචි  මාර්ග සඳහන්  කරයි.