- මඩකලපුව පොළොන්නරුව මාර්ගයේ බෝඅත්තේ දී මාර්ගයේ ගමන්කළ 46 හැවිරිදි පුද්ගලයෙක් වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමට ගෙනයමින් සිටිය දී මියිගියේය.
- මුලතිව් කොකිලාවි මාර්ගයේ හතර කණුව අසළ දී යතුරුපැදියක් හා පා පැදියක් ගැටීමෙන් පාපැදියේ ගමන්ගත් පුද්ගයා (72) මියගිය බව පොලිසිය කියයි.
- දෙහිවල වනරථනාරාම පාරේ නිවසකට ඇතුළු වී රුපියල් 203,000.00 ක් වටිනා දේපල සොරාගත් බවට සැකපිට දෙදෙනෙක් එම දේපල ද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
- ගිරිබාවේ වන්නිකුඩාවැව පදිංචි පුද්ගලයකු (56) ගංජා කිලෝ පහක් සහ ග්‍රෑම් 400ක් සමග අත්අඩංගුටව ගත් බව ගිරිබාව පොලිසිය පවසයි.
- පුත්තලම මලගුණ්ඩුව පාරේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු සමග බලපත්‍රනොමැති බෝර 12 තුවක්කුවක් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
- හිදෝගම පුද්ගලික ඉඩමක නිදන් ගැනීමේ අපේක්සාවෙන් කැණීම් කරමින් සිටි තිදෙනෙක් පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
- දොම්පේ වානලුවාවේ දී පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි ද තුවාල ලැබූ තවත් පුද්ගයකු දොම්පේ රෝහලෙන් ගම්පහ රෝහලට මාරුකර යවා ඇතැයි ද පොලිසිය කියයි. පැරණි කෝන්තරයක් මත මේ ඝාතනය සිදුව ඇති බවත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
- නෝර්වුඩ් බිරට් වතුයායේ වැඩ කරමින් සිටි කාන්තාවන් හතර දෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව දික්ඔය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටිති.
- බුලත්සිංහල නාරගල දී කළුගඟේ දිය නෑමට ගිය කොට්ටාවේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
- ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන විදේශගත වීමට තැත්කළ වව්නියාවේ පදිංචි පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

