-
මීටියාගොඩ පොලිස් වසමේ වේරගොඩ ප්‍රෙද්ශයේ නිවසක් සෝදිසි කිරීමකදී එහි තිබී පොලිස් වාර්තා කිහිපයක්, පොලිස් වාර්තා සපයන හිස් කොළ කිහිපයක් හා හොරට සැකසූ පොලිස් ස්ථානාධිපතිගේ නිල මුද්‍රාවක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
-
මීටියාගොඩ පොලිස් වසමේ පසුගිය කාලයේ සිදු වූ මිනිස් ඝාතන හා වෙඩි තැබීම් වලට සැක පිට ගිනි අවිත් සමඟ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයින් තිදෙනාට රැකවරණය හා පුවාහන පහසුකම් සැපයූ තිදෙනෙකු මීටියාගෙඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම තිදෙනා ගාල්ල, ගින්තොට හා හික්කඩුව ප්‍රෙද්ශවල පදිංචි කරුවන් බව මීටියාගොඩ පොලීසිය පවසයි.
-
බොරලැස්ගමුව, රත්තනපිටිය ප්‍රෙද්ශයේ නිවසක තිබී නීති විරෝධීව පිටපත් කරන ලද සිංහල චිත්‍රපට අඩංගු ඩී.වී.ඩී පට 20000 කට ආසන්න ප්‍රමාණයක්, ඩී.වී.ඩී පිටපත් කිරීමේ යන්ත්‍රයක් සමග සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

