පොලිස් පොතෙන්


  • මහනුවර වත්තේගම පාරේ යටිරාවණ දී පාපැදියක ගමන්ගත් පුද්ගලයකු (55) මහ මග වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
  • තණමල්විල දී ගංජා කිලෝ 80ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
  • හෙරොයින් ග්‍රෑම් 01ක් හා මිලි ග්‍රෑම් 30ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක නාරාහේන්පිට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
  • මාවනැල්ල පොලිසියේ රථ වාහන අංශය විසින් පසුගිය 2015 වසර තුල මෝටර් රථ වාහන නිතී රිති කඩ කළ රියදුරන්ගෙන් හා වාහන අයිතිකරුවන්ගෙන් රුපියල් එක්කෝටි හතළිස් අටලක්ෂ හැත්තෑදහස් අටසිය හැටක වාර්තා ගත ආදායමක් රජය උපයා දි ඇති බව අද (14) මාවනැල්ල පොලිසිය කියා සිටියේය.



    අඟුලාන පාළු නිවසක පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා රුපියල් 74000ක මුදල් සමග රජයේ සේවකයන් තිදෙනකු ඇතුළු 20 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    මිනුවන්ගොඩ  නගර සභාවේ  පවිත්‍රතා අංශයේ සේවකයකු රාජකාරියේ යෙදී සිටියදී  ට්‍රැක්ටරයෙන් වැටී මිය ගිය බව පොලිසිය කියයි.