කැලණිය බුළුගහහන්දියේ දී පසුගිය 31 වැනිදා පොලිසියේ දෙදෙනකුට වෙඩි තැබූ බව කියන බැරල් නම් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පෑලියගොඩදී බෝම්බයක් හා ගිනි අවියක් සොයා ගත් බව පොලිසිය කියයි.
අනුරාධපුර තිසා වැවේ තිබී මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි.
නෙළුව ලේල්වල ගිගුම්මඩුව කණිෂ්ඨ විද්‍යාලයේ පරිගණ අංශය කඩා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක පරිගණක භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනුරාධපුර මහවිලච්චිය හැළඹවැව කෘෂි රසායන ඇලවිසැලක රුපියල් 1200 යේ සහනාධාර පොහොර වැඩි මිලට අලෙවි කරන බව මහවිලච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනූව ක්‍රියාත්මක වූ පොලිසිය අද (8) උපාය දූතයෙක් යොදා එක් පොහොර මිටියක් රුපියල් 2250 කට මිලදී ගනිද්දී අදාල සැකකරු අත්අඩංගුවට ගත්තේය. ගබඩා කර තිබූ පොහොර මිටි 60 ක් ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඉදිරියේදී අධිකරණයට යොමු කරන බව පොලිස් ස්ථානාධිපති නිලංග ප්‍රනාන්දු මහතා කියයි.

