පොලිස් පොතෙන්


ගල්නෑව  නෑගම්පහ නිවසක මාස විස්සක දරුවකු වතුර වළකට  වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.


මැද නයිනමඩම නිවසක හෙරොයින් භාවිතා කරමින් හා ලඟ තබාගනිමින් සිටි පුද්ගලයන් 5 දෙනෙක් මත්කුඩු පැකට් 5 ක් සමග අද ^04& පාන්දර සිදු කල වැටලීමකදි සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.    


නිදන්ගත රෝගයකින්  පෙළුණු බව කියන හිටපු නාවික හමුදා භටයකු යටි බඩේ කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටි බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. ඒ ආසන්නයේ තිබි පිහියක් ද සොයා ගෙන ඇත.


DSC04158[1] DSC04172[1] DSC04183[1] DSC04210[1]


මිත්තණියගේ මරණයට පසුදා අවුරුදු 2ක දරුවකු ආරවුලකදී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.