පංචිකාවත්ත සංඝරාජ හන්දියේදී අද (1) අලුයම පෞද්ගලික බස් රථ දෙකක් ගැටී 13 දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
කොළඹ සිට ගම්පහ දක්වා ධාවනය වූ බසයක් හා ගුවන්තොටුපළ සිට කොටුව බලා ආ බසයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර අනතුරින් මාර්ගය හරහා බසයක් වැටීම හේතුවෙන් පැය කිහිපයක් වාහන ගමනාගමනයද අඩාලව පැවතිණි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
එරාවුර් හී දී හෙරොයින් මිලිග්‍රෑම් 50 ක් ළඟ තබා ගත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පේරාදෙණි විශ්ව විද්‍යාල වෛද්‍ය පිඨයේ සිසුන් පිරිසකට ගෙලිඹය ත්‍රිවිල් රියදුරන් පිරිසක් අද (01) අලුයම 1.00 ට පමණ පේරාදෙනි මංසන්දියේදී පහර දිමෙන් වෛද්‍ය සිසුන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇතැයි පේරාදෙණි පොලිසිය පවසයි.
බුලත්සිංහල බඹරක්කුලම පාලම මත දී යතුරු පැදි දෙකක් ගැටී පුද්ගලයකු (30) මිය ගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.





