පොලිස් පොතෙන්


පිටබැද්දර දී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය ධාවනය කළ යුක්රේන ජාතිකයකු (31) මිය ගිය බව පොලිසිය කියයි.


ඇල්පිටියේ පෙරදින රාත්‍රියේ යතුරුපැදියක්  හා  ජීප් රිථයක්  ගැටීමෙන්  යතුරුපැදිකරු මිය ගිය බව ඌරගස්මන්හන්දිය පොලිසිය කියයි. අමාත්‍යංශයට අයත්  ජිප් රථයකින්  මෙම අනතුර සිදුවී  ඇති  අතර  ජිප් රථ රියදුරා අත්අඩංගුවට  ගෙන ඇත.


අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් සී.ඩී. තැටි හතරක් ළඟ තබා ගත් පුද්ගලයකු (69) අත්අඩංගුවට  ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.


අවුරුදු 60 ක්  පමණ වයසැති  පිරිමියකුගේ මළ සිරුරක්  අනුරාධපුර  නුවර  වැවෙන්  සොයා ගත් බව පොලිසිය කියයි. අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම්. කුලසේකර මහතාගේ  නියමයෙන්  සිරුර  අනුරාධපුර  මෘත ශරිරාගාරයේ  තැම්පත්  කර ඇත.