පොලිස් පොඩ්ඩෝ නිල ඇඳුමේ ප්‍රශ්න මතුකරති


පොලිස් නිල ඇඳුම් මසා දීම නිසාත්, රෙද්දේ පැහැය ඉක්මණින් දුර්වර්ණ වීම නිසාත් ප්‍රශ්න මතුවී ඇතැයි පොලිස් සැරයන් හා ඉන් පහළ නිලයන්හි සාමාජිකයෝ මැසිවිලි නගිති.

වසරකට ඔවුනට නිකුත් කරනුයේ නිල ඇඳුම් හතරකි.

එම නිල ඇඳුම්වල ප්‍රමාණය ඇඟට නොගැලපෙන නිසා යළි සකසා ගැනීමට සිදු වෙතියිද ඔවුහු කියති.

ඔවුන් මේ බව කියනුයේ නිල ඇඳුම් සම්බන්ධ පොලිස්පතිගේ නියෝගය ගැන කරුණු දක්වමනි.

පොලිසියේ ගරුත්වයත් ගුණාත්මක තත්ත්වයත් රැක ගැනීමට මේ පියවර ගත් බවත්, නිල ඇඳුම ගැන කිසියම් දුක්ගැනවිල්ලක් ඇත්නම් ඉහළ නිලධරයනට කරුණු ඉදිරිපත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.