පොලිස් පුටු කිහිපයක් එහා මෙහා වෙයි


පොලිසියේ ඉහළ තනතුරු දරන කිහිප දෙනකු මාරුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.කේ.වෝල්ටර් පොලිස් මූලස්ථානයට මාරු කර ඇති අතර ඩී.ඩී.බී.වීරසිංහ යාපනය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පත්කර ඇත.

වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එච්.බී.එන්.කුලතුංග මොරවරුව ස්ථානාධිපති ලෙස මාරුකර තිබේ.

වීරගුල ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.එච්.සිරිපාල තංගල්ලට ද කලවාන පොලිස් පරීක්ෂක  ඒ.එම්.පී.අබේසිංහ නුවරඑළියට ද මාරුකර යවා ඇත.

මෙම මාරුවීම් පොලිස්පති නියමයෙන් සිදුකර ඇතැයි කියති.