(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීම සඳහා ජාතික මට්ටමේ විශ්ව විද්‍යාලයක් ඇතිකිරීමට රජය තීරණය කර තිබේ.
මේ වෙනුවෙන් දැනට පිළියෙල කර ඇති සංකල්ප පත‍්‍රිකාව ද අවධානයට ගනිමින් එම විශ්ව විද්‍යාලය ස්ථාපනය කිරීම වෙනුවෙන් පනත් කෙටුම්පතක් සකස් කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක, ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

