
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා පොලිස් නිලධාරීන් 35 ක් උදෙසා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 ක්, පොලිස් අධිකාරීවරුන් 04 ක් සහකාර පොලිස් අධිකාරීවරුන් 25 ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත
ජාතික පොලිස් කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස් පණිවිඩ හරහා නියෝග ලබා දී ඇත

