(මනෝප්‍රිය ගුණසේකර)
කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් පරීක්ෂකවරයකු ගමන් කළ යතුරු පැදිය අනතුරකට ලක් කොට පොලිස් පරීක්‍ෂකවරයාට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වරද පිළිගත් උසස් පොලිස් නිලධාරියකුගේ පුත්‍රයකුට අත්හිටවු සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පොලිස් පරීක්‍ෂකවරයාගේ බිරිඳට රුපියල් ලක්‍ෂ 26 ක වන්දියක් ගෙවීමටද නියම කළේය.
වසර 04කට පෙර සිදුවු වරදක් සම්බන්ධයෛන් වු චෝදනාවන්ට වරද පිළිගත් උසස් පොලිස් නිලධාරියාගේ පුත්‍රයාට වසර වසර 02ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කොට එය වසර 15 ක කාලයකට අත්හිටුවු විනිසුරුවරයා අනතුරට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා පැදවු යතුරුපැදිය වෙනුවෙන් රුපියල් 1 50 000/- වන්දියක් රජයට ගෙවීමටද විත්තිකරුට නියම කළේය.
චෝදනාවන්ට වරද පිළිගැනීම හේතූවෙන් මෙලෙස දඬුවම් නියම වුයේ නවිඳු උමේෂ් රත්නායක නමැති තරුණයකුටය.
2019 වසරේ පෙබරවාරි මස 10 වනදා කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් නිලධාරියකු ගමන් කළ යතුරු පැදිය අනතුරට ලක් කිරීම එම පොලිස් නිලධරියාට බරපතල තුවාල කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී” මෙම අනතුරින් බරපතල තුවාල ලැබු පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරත්චන්ද්‍ර මහතා එම තුවාල සම්බන්ධයෙන් ප්‍රතිකර ලබමින් සිටියදී මිය ගොස් තිබිණී.
මෙම නඩුව කැඳවු අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට විත්තිකරු වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.

