(සිරාජ් හසීම්)
තම නිල නිවස අළුත් වැඩියා කිරීමට පොලිස් නිලධාරීන්ගෙන් කප්පම් ගැනීම් ඇතුළු දූෂන චෝදනා රැසකයට සම්බන්ධ බව කියන උතුරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ගැන පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් කිරීමට පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් උතුරට පැමිණ ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
මීට අමතරව උතුරේ ප්‍රධානම පොලිස් කොට්ඨාසයක් බාර පොලිස් නිලධාරියකුද මෙම නිලධාරියගේ දූෂිත ක්‍රියාවලට වක්‍රාකාරයෙන් සම්බන්ධ වී ඇති බව ද ආරංචිමාර්ග කියයි. එම නිලධාරියා බාරයේ ඇති පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් ප්‍රමුඛ පොලිස් නිලධාරීන්ගෙන් හා ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් වාර්තා වෙයි

