පොලිස් නිල සුනඛයන් මෙරටට ගෙන්වීමේදී වැයවන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කර ගැනීම සදහා මෙරටදී අභිජනනය කර ලබා ගත් සුනඛයින් 30 දෙනෙක් ඉදිරියේදි පොලිස් රාජකාරි සදහා පුහුණු කිරීම් අරඹන බව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතීඥ ගාමිණී දිසානායක මහතා මහනුවරදී පැවැසීය.
ඒ මහතා මෙසේ පැවැසුයේ මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වු සුනඛයින් 43 දෙනෙකු පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ මාස හයක පුහුණුවක් ලබා පොලිස් සේවයේ රාජකාරි සඳහා නිල සුනඛයින් හා ඔවුන්ගේ භාරකාර පොලිස් නිළධාරින් විසිර යෑම සදහා පැවැති උත්සවයේදීය.
පොලිස් නිල සුනඛයන් සේම ඔවුන් පිටුපස සිට විශාල මෙහෙයක් කරන පොලිස් නිලධාරින්ද ඇගැයිය යුතු බවත් ඔවුන් යුද සමයේදිද,දරුණු අපරාද හමුවේද, විශාල මත්ද්‍රව්‍ය වැටලිම් වලදිද නිහඩ සේවයක් කරන බවත් ඒ මහතා කීවේය.





