පොලිස් නිල නිවසේ ඩෙංගු තවාන්


කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාම විදුහලට ආසන්නයේ පිහිටි පොලිස් නිල නිවාසවලින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් සොයාගත් බව සෞඛ්‍ය නිලධරයෝ කියති.

නිල නිවාසයන්හි දරුවෝ දෙදෙනෙක්ද ඩෙංගු හැදී රෝහල් ගත කරනු ලැබ සිටිති.

ඩෙංගු මදුරු සිටින තැන් මදුරුවන්ට හිතකර තැන් සියල්ල පිරිසිදු කරන ලෙස නිවැසියන්ට උපදෙස් දී ඇත.