පොලිස් දැල ඇඹිලිපිටියට
කෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනමගේ ඝාතනය සම්බන්ධයෙන් වයඹ පළාතේ බස්නායක නිලමේවරයකු අධිවේගී මාර්ගයේ යමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව කියන මිරිහාන පොලිසිය සිව්රු හැරගිය බව කියන පුද්ගලයකුද සොයන බව කියයි. ඔහු ඇඹිලිපිටියේ පදිංචිකරුවෙකියි තොරතුරු ලැබී ඇත.
කොම්පඤ්ඤවීදිය පොලිසියේ ‘කැන්ඩි’ බල්ලාගේ ඉව ඔස්සේ ගිය පොලිසිය පෙදරේරුවෝ සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
සෙරෙප්පු දෙකක් ඉව කළ ‘කැන්ඩි’ ඔවුන් අත්අඩංගුවට ගැනීමට උදව් වී ඇත. බස්නායක නිලමේ හා සිව්රු හළ තැනැත්තා මිතුරන් බවද සොයාගෙන ඇත.

