අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රාත්‍රි ජංගම සංචාර කැබ් රථයක් අද (05) අලුයම අම්බලන්ගොඩ කැපු ඇල දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
දුම්රිය හරස් මාර්ගයේදී එකවරම කැබ් රථය නතර වී ඇති බවත්, පොලිස් නිලධාරින් රථයෙන් ඉවත්ව ඇති බවත්, අනතුරින් කැබ් රියට හානි සිදුව ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බවත් ඔහු පවසයි.
වීඩියෝ - දේමුණි ධනූජ සම්පත්

![IMG_0221[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_02211.jpg)
![IMG_0200[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_02001.jpg)
![IMG_0220[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_02201.jpg)
![IMG_0199[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_01991.jpg)
