
(ඉන්දිකා රාමනායක)
පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් යතුරුපැදියෙන් ගොස් පුද්ගලයන් බිය කර ඔවුන් සතු ජංගම දුරකථන 90 ට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක ඇතුළු භාණ්ඩ කොල්ලකෑ දෙදෙනකු කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් මෝදර දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් මෙම භාණ්ඩ ස්ථාන රැසක පුද්ගලයන්ට අලෙවි කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මොවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගොස් විවිධ පුද්ගලයන් පරීක්ෂාකර ඔවුන් සතු ජංගම දුරකන ඇතුළු දේපළ සොරා ගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විසින් කොල්ලකෑ ඇපල් අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 37, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 44, ලැප්ටොප් පරිගණක 5, ටැබ් පරිගණක දෙකක්, පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මොවුන් කොල්ල කෑ තවත් දේපල රැසක් සොයා ගැනීමට නියමිතව ඇත.

