පොලිස් කොස්තාපල් බඳවා ගැනීමේ පරීක්ෂණ කල් දමයි


(අංජුල මහික වීරරත්න)

පොලිස් කොස්තාපල් තනතුර සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.

රජයේ හැසට් නිවේදන 2242 අනුව පොලිස් කොස්තාපල් තනතුර සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණය දෙසැම්බර් 02, 03, 05 හා 09 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.

 විවිධ ප්‍රදේශවල සිටින අවසන් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අපේක්ෂිත අයැදුම්කරුවන්ට අයහපත් කාලගුණික තත්ත්වය මත ඒ සඳහා පෙනී සිටීමට බාධා පවතින බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව  තාවකාලිකව අවලංගු කරන ලද අවසන් සම්මුඛ පරීක්ෂණය  නැවත පැවැත්වෙන දිනයන් පිළිබඳව පසුව දැනුම් දීමට කටයුතු කරන බව පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය මඟින් දැනුම් දී ඇත.

එම අයැදුම්කරුවන්ට 011-2552736,071-8591925 දුරකතන අංක මගින් වැඩිදුරටත් තොරතුරු ලබා ගත හැකි බවද මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.