(සුජිත් හේවාජුලිගේ)
ජාතික පොලිස් කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම ලබන සතියේදී සිදුකෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ පත්වීම් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 25 හෝ 26 රැස්වීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් කොමිසම සඳහා දැනට නාම යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇතැයි ‘‘ලංකාදිප‘යට දැනගන්නට ඇත.
කොමිසම පත් කෙරුණේ 2015 ඔක්තෝම්ර් 14 වැනිදායි.ඒ වසර තුනක කාලයක් සඳහායි.ජාතික පොලිස් කොමිසමට සාමාජිකයෝ හත් දෙනෙක් ඇතුළත්වෙති.
පොලිස් කොමිසමේ නිල කාලය අවසන් වුවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව නව නිලධාරි මණ්ඩලයක් පත් කරන තුරු වත්මන් නිලධාරි මණ්ඩලයට තවදුරටත් එහි රැඳි සිටිමින් කටයුතු කළ හැකි බව එම කොමිසම පවසයි.